දැඩි කොන්දේසි සහිතව බැසිල්ට ඇප


(UPDATE 3.30 P.M. ) 

මුදල් විශුද්ධීකරන පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රුපියල් 50000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප තුනක් මත මුදා හැරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනෙවිය නියෝග කළාය.  

නඩුව නැවතත් ජුලි 20දා කැඳවීමට නියමිතඅතර සෑම අවසන් ඉරු දිනකම පෙ.ව. 9.00ට සිට 12.00 අතර පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. 

එසේම ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍රය උසාවියට බාර දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.

GLA_3274 GLA_3276 GLA_3282

GLA_3293IMG_2611 IMG_2635 IMG_2638 IMG_2666 IMG_2675 IMG_2693 IMG_2707

මාතර එච්.ඊ.ඒ. ප්‍රසාද්/ ගයාන් අමරසේකර


හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුව මාතර මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවෙනවා. මුදල් විශුද්ධීකරණ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

 


හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (12දා) පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට ප්‍රකාශයක් ලබාගැනිම සඳහා කැඳවා ඇත.

ඊයේ හා පෙරේරදා දිනයේදි යෝෂිත රාජපක්ෂගෙන් පොලිස් මූල්‍ය අපරාධ එ්කකය ප්‍රකාශ ලබාගත්තේය.

ඊට පෙර නාමල් රාජපක්ෂ මහතාගෙන් හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් බරපතල වංචා පිළිබඳ ජනපති කොමිසම ප්‍රකාශ ගත්තේය.

 

 

 



Recommended Articles