ජනතාව පදිංචි කරන මුවාවෙන් විල්පත්තුව වනාන්තරය විනාශ කරන බව සඳහන් කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය හිටපු අමාත්‍යබැසිල් රාජපක්ෂ සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන්ට අද (05දා) අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නොතීසි නිකුත් කළේය.
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනසුරු ප්‍රීතී පද්මන් සුරසේන සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් විසින් අදාළ නියෝගය නිකුත් කරන ලදී.