බැඳුම්කර නිකුත් කිරීම් සඳහා පෙර පැවැති ක්‍රමවේදය ඉවත්කර නවතම ක්‍රමවේදයක් හඳුන්වාදීම කෙරෙහි මේ වනවිට රජයේ අවධානය යොමුව ඇතැයි මහබැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්සාමි මහතා අද (22දා) ප්‍රකාශ කළේය.
බැඳුම්කර නිකුත් කිරීම් සඳහා පෙර පැවැති ඍජු ස්ථානගත ක්‍රමය හා වෙන්දේසි ක්‍රමය එකතුකර බදු ක්‍රමයක් හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් කුමාරස්සාමි මහතා පැවසීය.
බැඳුම්කර නිකුත් කිරීම් සඳහා පෙර පැවැති ඍජු ස්ථානගත ක්‍රමය 2015 වසරේදී එය නවතා දැමුවේ යැයිද මේ වනවිට වෙන්දේසි ක්‍රමය මගින් බැඳුම්කර නිකුත් කිරීම් සිදුකරන බවත්, ඍජු ස්ථානගත ක්‍රමය හා වෙන්දේසි ක්‍රමය එකතු කර බද්ධ ක්‍රමයක් සකස් කිරීමට ඇති හැකියාව පිළිබඳව මේ වනවිට සොයා බලමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
රංජන් කටුගම්පොළ