බ්‍රිතාන්‍ය රැජිනගෙන් සම්මාන ලැබූ ලංකාවේ රඛිත හා සෙනෙල්


යෞවන නායකත්වය වැඩසටහන යටතේ බ්‍රිතාන්‍ය රැජින අතින් සම්මාන ලබා මහ රැජිනගේ තරුණ නායකයන් ලෙස පත්වූ රඛිත මාලේවන සහ සෙනෙල් වන්නිආරච්චි යන තරුණයෝ අද (01දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූහ.

මොවුන් ශ්‍රී ලංකාවට අත්කරදුන් කීර්තිය අගය කිරීමටත් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ආශිර්වාදය ලබාදෙන බවත් මෙහිදී ජනපතිවරයා එම දෙපළට පවසා තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල විසිර සිටින ජනතාව තුළ තිරසර වෙනසක් ඇති කිරීමේ අරමුණ පෙරදැරිව ස්වකීය කුසලතාවන් පොදුජන ජීවිත වෙනස් කරලීම උදෙසා භාවිත කරනු ලබන තරුණ තරුණියන් හඳුනා ගැනීමට මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

බ්‍රිතාන්‍ය රැජින විසින් පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් අතරින් තෝරාගත් තරුණ නායකයන් 60 දෙනෙකුට එංගලන්තයේ බකිංහැම් මාලිගාවේදී මෙලෙස සම්මාන පිරිනමන ලදී.

ශ්‍රී ලංකා දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩිකිරීමේ අරමුණින් පුහුණු වැඩමුළු සංවිධානය කිරීම, සමාජ මාධ්‍ය, තරුණයන් හා කාන්තාවන් දැනුවත් කිරීමට හා බලායනය කිරීමටභාවිත කිරීම, තරුණ ප්‍රජාව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැනුවත් කිරීමටභාවිත කිරීම යන කරුණු  වෙනුවෙන් සෙනෙල් වන්නිආරච්චි මෙම සම්මානයෙන් පිදුම් ලැබීය.

2014 වසරේ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ තරුණ නියෝජිතයා වූ සෙනෙල් වන්නිආරච්චි කොළඹ විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ විශේෂ උපාධිධාරියෙකි.

එච්.අයි.වී ආසාදිතයන්ටඖෂධයක් සොයා ගැනීම වෙනුවෙන් රඛිත මාලේවන තරුණයා බ්‍රිතාන්‍ය මහ රැජින අතින් සම්මානයෙන් පිදුම් ලැබීය.

දැනට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ  බාහිර වෛද්‍ය පර්යේෂකයෙකු ලෙස කටයුතු කරන රඛිත මාලේවන නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලය තුළ එච්.අයි.වී සඳහා නව එන්නතක් සොයා ගැනීම සිදුකරන ලදී. 

01 copy 02 copy



Recommended Articles