බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රි ලංකා කණ්ඩායම අතර ඊයේ (16දා) පැවැති විස්සයි20 තරගයේ ජය සමරමින් සිටි බංග්ලාදේශ ක්‍රිඩකයන් අතින් ඔවුන් රැඳී සිටි ක්‍රීඩකාගාරයේ දොරටුව බිඳී ගොස් ඇත. තරගයෙන් අනතුරුව බංග්ලාදේශ ක්‍රීඩකයන් ජය සැමරීම සඳහා ක්‍රීඩකාගාරයේ සිට දිව එද්දි දොරටුවට හානි වී ඇති බව මේ වන විට තහවුරු කරගෙන ඇත.
තරගය තුළදී බංග්ලාදේශ ක්‍රීඩකයන් හා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇතිවිය. දේපළවලට සිදුවූ හානිය ගෙවීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය එකඟ වි ඇති බව වාර්තා වෙයි.