පොහොර දුන්නාම ඡන්දෙ දිනයි දැයි බලමු


ඡන්දය පැරදුනේ රසායනික පොහොර නොදීම නිසා බවට සලකා ආණ්ඩුව ආපසු කලින් ලබාදුන් ආකාරයට රසායනික පොහොර ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.

පරිසර හිතකාමී ගොවිතැනක් සිදුවෙමින් තිබෙන නිසා තමන් වහන්සේට ඒ පිළිබඳව කතා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියද ඒ සඳහාවත් අවස්ථාවක් ලබානොදුන් බවත්, පොහොර දුන් පසු දිනනවද කියා බලමු යනුවෙනුත් උන්වහන්සේ එහිදී පවසා සිටියහ.

‘වස විසෙන් තොර ගොවිතැනක්’ වැඩපිළිවෙළට දෙවසරක් ගෙවීම නිමිත්තෙන් අද (24දා) පැවැති වැඩසටහනට සහභාගි වෙමින් මේ බව සඳහන් කළ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ජනතාව සිතන සිහිනය එය නොවන බවයි.

DSC_5424 DSC_5431 DSC_5434 DSC_5456


DSC_5459

වස විස නැති දැහැමි ගොවිකම තහවුරු කර මහ පොළාව සුවපත්ව තිරසාර සංවර්ධන පරමාර්ථ ජයගැන්වීම සඳහා අනූපමේය මෙහෙවර වෙනුවෙන් අද පුවත්පතේ මාධ්‍යවේදී ඉන්දික හේවාවිතාරණ මහතා මෙම වැඩසටහනේදී විශේෂ සම්මානයකින් පිදුම් ලැබීය.



Recommended Articles