හැටන් සාත්තු නිවාස පාරේ ධාවනය වූ ති්රරෝද රථයක් හා හැටන් පොලීසියේ රථ වාහන අංශයේ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු බරපතළ තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
අද (09දා) පස්වරු 2.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව හැටන් පොලීසිය පැවැසීය. ති්රරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව ඉදිරියෙන් පැමිණි පොලිස් යතුරු පැදියේ ගැටී අනතුර සිදුව ඇති බවත් ති්රරෝද රථය ධාවනය කළ රියදුරාට රියදුරු බලපත්රයක් නොමැති බවත් පොලීසිය පවසයි. ති්රරෝද රථය ධාවනය කළ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.