පොදුරාජ්‍ය මණ්ඩලයීය සැමරුම් දින උලෙළ බ්‍රිතාන්‍ය මහ රැජිණ, චාල්ස් කුමරු, විලියම් කුමරු ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (09දා) පස්වරුවේ මැල්බොරෝන් පොදුරාජ්‍ය මණ්ඩලයීය මූලස්ථානයේ පැවැත්විණි.
එම අවස්ථාවේ විශේෂ ආරාධිතයෙකු ලෙස පොදුරාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපති ජනාධිපති මෛත්‍රීපාල සහ ජයන්ති සිරිසේන මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස එක්විය.