ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු, ප්‍රවේගකාරි පිතිකරුවෙකු මෙන්ම ක්‍රිකට් ලෝකයේ වෙනසක් කළ ක්‍රිකට් ක්‍රිඩකයෙකු ලෙස පිළිගැනෙන සනත් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමත් සමග ආරම්භක පිතිකරුවෙකු ලෙස ඔහුගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැක්වූ දායකත්වයේ හිඩසැක් ඇතිවිය. කුසල් පෙරේරා පැමිණියද තවමත් ඔහුගෙන්ද ප්‍රමාණවත් දායකත්වයක් කණ්ඩායමට නොලැබෙයි.
මෙවන් අවස්ථාවක සනත්ගේ පුතා එනම් රනුක් ජයසූරිය ක්‍රමයෙන් ක්‍රිකට් ක්‍රීඩාව හරහා තම දක්ෂතා දක්වමින් සිටියි. සනත් ජයසූරිය ක්‍රිකට් පදනම මගින් පැවැත්වූ ක්‍රිකට් තරගාවලියකදී රනුක් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්ව තිබේ. ඒ ඔහුගේ නායකත්වය ලබාදුන් කණ්ඩායම සිය වයස් කාණ්ඩයේ ශූරතාව හිමිකරගනිමිනි. එම වයස් කාණ්ඩයේ තරගාවලියේ වීරයා මෙන්ම අවසන් මහ තරගයේ විරයා බවට පත්වීමටත් රනුක් සමත්වී තිබේ.