පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙවන ජාතික මහ සමුළුව ‘අධිරාජ්‍යවාදය නවලිබරල් වැඩපිළිවෙළට එරෙහිව සමාජවාදය උදෙසා පංතියට පක්ෂයක් ‘ මැයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (01දා) සවස පැවැත්විණි.
ලේකම් මණ්ඩලය ලෙස පුබුදු ජයගොඩ , චමීර කොස්වත්ත, ජූඩ් සිල්වා යන මහත්වරුන්ද, සභාපති මණ්ඩලය ලෙස සේනාධීර ගුණතිලක, දුමින්ද නාගමුව, කුමාර් ගුණරත්නම් යන මහත්වරුන්ද වේදිකාවේ අසුන් ගෙන සිටියහ.
දෙස්විදෙස් වමේ දේශපාලන පක්ෂ සහ සංවිධානවල සුභපැතුම් 14ක් ඉදිරිපත් කිරීමට මෙහිදී ප්‍රධාන තැනක් ලබාදී තිබුණි.
එම විසින් සකස් කළ කෘති තුනක් මෙහිදී එළිදැක්වුණු අතර එම පක්ෂයේ ලේකම් මණ්ඩලයේ සහ සභාපති මණ්ඩලයේ සාමාජිකයන් විසින් එම කෘතිවල මුල් පිටපත් පිළිගන්වනු ලැබුයේ පක්ෂයේ තනතරු නොදරන සාමාජිකයන් හත්දෙනෙකුට වීම විශේෂත්වයක් විය.
මෙම සමුළුවේදී නව මධ්‍යම කාරක සභාවක් නම් කිරීම සිදු කළ අතර සමාරම්භක දේශනය සේනාධීර ගුණතිලක මහතා විසින්ද, නව මධ්‍යම කාරක සභාව වෙනුවෙන් දේශනය දුමින්ද නාගමුව මහතා විසින්ද සිදු කරන ලදී.