ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ රුසියානු සංචාරෙය්දී රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා ලබාදුන් සුවිශේෂී ත්‍යාගයක් ලෙසින් රාජකීය කස්තානයක් ලබා දුන්නේය.
පුරා විද්‍යාත්මක අගයකින් යුතු එය මහනුවර යුගයේ ප්‍රභූවරයෙකුට අයත් කැටයම් සහිත කස්තානයකි. තමන්ට ලැබුණ එම කස්තානය අද (02දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික කෞතුකාගාරයට ප්රදානය කළේය.
පෞරාණික ආයුධ පිළිබඳ විශේෂඥයෙකු වන ඊශ්‍රායල ජාතික ඇලෙක්ස් ෆර්ගර්ගේ මතයට අනුව මෙම කස්තානය මහනුවර රාජධානියට අයත් එකකි. මහනුවර ප්රභූහු ශ්‍රී ලංකාවේ දේශපාලන මෙන්ම ආගමික මෙහෙවර ද භාරව සිටියහ.
රුසියානු සමූහාණ්ඩුවේ සංස්කෘතික අමාත්‍යාංශයේ පුරාවිද්‍යා විශාරද පදවිය දරන ගුවන් යානා විද්‍යාව හා බැලැස්ටික් විද්‍යාව පිළිබඳ මොස්කව් තාක්ෂණ විද්‍යාලයේ මහාචාර්යවරයා පවසන පරිදි මෙය නවන ලද තියුණු කඩු තලයක් සහිත කස්තානයකි. වානේවලින් නිෂ්පාදිත මෙහි කඩු මිටේ පිට කොටස රත්රන්වලින් නිපදවා ඇත. අතීතයේ දී මෙය සටන් සඳහා භාවිත කළ කඩුවකි. කඩු මිට හොඳින් ඔප් නංවා ඇත.
කඩු මිට රන්වන් පැහැ ලෝහයකින් නිපදවා ඇති අතර එය උසස් මට්ටමේ නිර්මාණයකි. කඩු මිටේ ඉහළ කොටසින් මිත්‍යා සත්ත්වයෙකුගේ අයාගත් මුඛ දිස්වේ. එහි සැලසුම් රටාව සිංහල සිංහ රූපය මෙනෙහි කරවයි. සිංහයාගේ ඇස් දීප්තිමත් තියුණු රතු පැහැයක් සහිත අර්ධ වශයෙන් විනිවිද පෙනෙන ලෙස නිමවා ඇත. එම අමුද්‍රව්‍යයම මිටෙහි පසුපස ඉහළ කොටස සවිමත් කිරීම සඳහා භාවිත කර ඇත. මිටෙහි රටාව සඳහා මල් සැරසිල්ලක් ද යොදා ඇත.
අත් ආරක්ෂණ වළල්ළේ නිර්මාණයට කැටයම් යොදා ඇති අතර එහි දිගම කොටස වක්‍රව උඩු අතට එනම් මිත්‍යා සත්වයාගේ මුඛය දෙසට පවතින අතර එහි කුඩා ම කොටස යාන්තමින් උඩු අතට වක්‍රව පවතී. කඩුවේ යටිකුරු ව පිහිටා ඇති කොටස් ද කඩුව යට කැටයම් කර ඇති කොටස් කඩුව දෙසට වටකුරු කර තිබෙන කොටස් ද මීට ඇතුළත් වේ.
මෙම කඩුවේ මල් නිර්මාණ සහ මිත්‍යා සත්ත්ව හිස කැටයම් කර ඇත. බෞද්ධ ප්‍රතිමා ශිල්පය ආරෝපණය පිළිබිඹු කරයි.
කඩු කොපුව පිටත ආවරණය කහ පැහැති ලෝහයකින් නිපදවා ඇති අතර ඇතුළත ලී තහඩුවකින් නිමවා තිබේ. කොපුව වටා මල් වැල් කැටයම් දක්නට ඇත. කස්තානය ඉතාමත් අනර්ග තත්ත්වයේ පවතී. විශේෂඥ මතය අනුව මෙය 19 වන සියවසේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කස්තානයකි.
කස්තාන පලඳිනු ලබන්නේ ශ්‍රී ලංකාවේ සම්මානනීය ප්‍රභූ පැලැන්තිය විසිනි. ඊට පහළ පන්තියේ පුද්ගලයන් කස්තාන පැලඳීමට හෝ තබා ගැනීමට අවසර නැත. ඒ අනුව කස්තානය සමාජ තත්ත්වය පිළිබිඹු කරන ආභරණයක් ලෙස සැලකිය හැකිය.
කස්තානය
· නිෂ්පාදිත රට – ශ්‍රී ලංකාව
· යුගය – 19 වන සියවස
·ලෝහය – ගිනියම් කර තලා කලාත්මක කැටයම් සහිතව නිපදවා ඇති අතර එය රන් ආලේපිතය
· කඩුවේ දිග – 480.5 mm
·කඩුවේ පළල – 23.5 mm
· කඩු කොපුවේ දිග – 535.5 mm
· කඩු කොපුවේ පළල – 6.35 mm
ජනාධිපති මාධ්‍ය අංශය