පිපාසයට වෙලේ වතුර බොන පඟුරානේ දරුවෝ


පොළොන්නරුව, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පඟුරාන මුස්ලිම් කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් විද්‍යාලයේ පානීය ජල පහසුකම් නොමැති වීමෙන් දැඩි අසීරුතාවට මුහුණපා සිටිති.
කෙසේ නමුත් ජල ගැටලුවට මෙම දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට නොදී මොවුන් වෙනුවෙන් පාසල තුළම අමතර පන්ති පවත්වා අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය කටයුතු කරනු ලබයි. ඡායාරූපයේ දැක්වෙන්නේ එම විද්‍යාලයේ සිසුන් පිරිසක් තම පිපාසය නිවාගැනීම සඳහා ප්‍ර‘දේශයේ කුඹුරුවල ගලා යන අපිරිසුදු ජලය පානය කරන අයුරුයි. 

මනම්පිටිය - නිමල් ජයරත්න 



Recommended Articles