සිල්රෙදි නඩුව සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට වෙනුවෙන් නියම කළ දඩ මුදල එකතු කිරීම සඳහා පිණ්ඩපාතයේ වඩින භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් කිරිබත්ගොඩදී කෙටි ආහාර දානමය වශයෙන් ලබාදීමට පිරිසක් කටයුතු කළේය.
අද පෙරවරුවේදී පිණ්ඩපාත චාරිකාව ආරම්භ වූ අතර ඒ සඳහා තිබූ වාරණ නියෝගයක්ද නොතකමින් පිණ්ඩපාත චාරිකාව පැවැත්වෙන අතර තුළදී මෙම සිදුවීම සිදුවිය. කෙසේ වෙතත් එම සිදුවීමත් සමග නොසන්සන්කාරී තත්ත්වයක්ද ඇතිවිය.
ඡායාරූප ලාල් ඒස් කුමාර