මධ්‍යම කඳුකරයට පවතින දැඩි වියළි කාලගුණයත් සමග මාවුස්සාකැලේ ජලාශයට යටවී තිබුණු පැරණි මස්කෙළිය නගරයේ නටබුන් යළි මතුවෙමින් පවතී.
1969 වර්ෂයේදී ඉදිකර ඇති ජලාශයට පරණි මස්කෙළිය නගරය හා උපනගරයක් වන ගඟේවත්ත නගරයද යටවී තිෙබ්.
මාවුස්සාකැලේ ජලාශයට යටවී තිබුණු පැරණි මස්කෙළිය නගරයේ නටබුන් අතරින් බෞද්ධ විහාරස්ථානයේ බුදු පිළිමය, බෝධි මූලය, ඉස්ලාම් දේවස්ථානය, ශ්‍රී ෂන්මුගනාදර් හින්දු කෝවිල, ඝනදෙවි කෝවිල,මස්කෙළිය-ගගේවත්ත ප්‍රධාන මාර්ගය හරහා තිබූ ගල් පාලම ජලයෙන් මතුවී ඇති අයුරු.
මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක