පාස් නැතිව


කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් එකස්ත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා බාරදීමේ අවස්ථාවට හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හා සෝමවීර චන්ද්‍රසිරිල් මහතාද පැමිණ සිටියහ. ඔවුහු උදෑසන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණියේය. එහිදී ඇතුළට ගියේය. නැවතත් නාමයෝජනා සඳහා විරෝධතා ලබාදීමට මධ්‍යාහ්න 12.00 සිට පස්වරු 1.30 දක්වා අවස්ථාව උදාවිය. එයට සහභාගීවීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළට පිවිසීමට බන්දුල ගුණවර්ධන මහතා හා සෝමවීර රත්නසිරි මහතා උත්සාහ කළත් ඉඩක් නොලැබුණි. පසුව ඔවුන් මැතිවරණ කොමසාරිස්වරයාටද දුරකතනයෙන් කතා කළත් එයින් පළක් නොවුණි.

 



Recommended Articles