පාරිභෝගික කටයුතු අධිකාරීය නිතිවිරෝධී ආකාරයට විශේෂ වැටලීම් ඒකකයක් ස්ථාපිත කර තිබෙන බවත් එම ඒකකය හරහා විෂයභාර අමාත්‍යවරයාට හිතවත් නොවන ව්‍යාපාරිකයින් මර්දනය කරමින් සිටින බව පාරිභෝගික අයිතින් සුරකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතක් මේ තුලින් උල්ලංඝනය වී තිබෙන බවත් අදාළ ඒකකයේ ප්‍රධානියා ලෙස වෘත්තීය සමිති නියෝජිතයෙකු පත් කර තිබෙන බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
විමර්ශන නිලධාරියෙකු වීම අනිවාර්යෙන්ම විශ්ව විද්‍යාල උපාධියක් ලබා තිබිය යුතු බවත් එහෙත් අදාළ නිලධාරියාට එවැනි සුදුසුකමක් නොමැති බවද පවසා සිටියේය.
අද මේ පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හසිත තිලක රත්න මහතාගෙන් විමසීමක් කළේය. එහි දී සභාපතිවරයා සඳහන් කලේ විශේෂ විමර්ශන ඒකකය පිහිටුවා තිබෙන්නෙ නිතියානුකූල ආකාරයට බවත්ය.
නිතියට පිටින් කිසිදු කටයුත්තක් නොකරන බවද සභාපතිවරයා කියා සිටියේය.