(UPDATE) 12.57 PM
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ජන සටන පාද යාත්රාව කැළණිය සරවිය පසුකළේය. එය කොළඹ ගාලු මුවදොර පිටියට ළගාවීමට නියමිතය. පාය යාත්රාව පස්වැනි දිනයට ආරම්භ කිරීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එක්වූ අතර ඔහු පසුව පාද යාත්රාවට පාගමනින් එක්විය.
පාද යාත්රාව අදින් අවසන් - 9.36 AM
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ජන සටන පාද යාත්රාව අද (01දා) කොළඹ ගාලුමුවදොර පිටියෙන් අවසන් වීමට නියමිතය.සිව්වැනි දිනය වූ ඊයේ දිනයේදී පාද යාත්රාව නිට්ටඹුවේ සිට කිරිබත්ගොඩ දක්වා ගමන් කරනු ලැබීය. අද දිනයේදී කිරිබත්ගෙඩ සිට කොළඹට ගමන් කිරීමට නියමිතය. අවසන් රැළිය ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙයි.