පාචනයෙන් දරුවන් රකින්න සචින් එයි


පාචනය වැලඳීමෙන්  මියයන දරුවන් ප්‍රමාණය අවම කිරීම සඳහා වන යුනිසෙෆ් වැඩසටහනකට සහාය දැක්වීමට ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් දිවයිනට පැමිණියේය.

යුනිසෙෆ් කලාපීය සුහද තානාපතිවරයෙකු ලෙස කටයුතු කරන තෙන්ඩුල්කාර් අද (12දා) කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, යුනිසෙෆ් සමග එක්ව පාචනය හා සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීමෙන් වැලඳෙන රෝග අවම කරගැනීම වෙනුවෙන් සියලුදෙනා එක්ව කටයුතු කළයුතු බවයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලාංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ද එක්ව සිටියේය.

ඡායාරූප ඉසුරු පෙරේරා

 

 



Recommended Articles