ප්‍රහාරයෙන් රෝහලට ඇතුලත් කර සිසුන් සංඛ්‍යාව තවත් ඉහලට


UPDATE විරෝධතාවයට එල්ලවූ ප්‍රහාරය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති සිසුන් සංඛ්‍යාව 19දක්වා ඉහල ගොස් ඇති අතර එක් සිසුවෙකුගේ අස්ථි බිඳීමක් සිදුවී ඇති බවට රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේය.


 

අද(17දා) පැවති සයිටම් සිසු විරෝධතාවයට පොලීසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතරුව ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් ඇතුලු සිසුන් 08ක් අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව මෙම ප්‍රහාරය හේතුවෙන් සරසවි සිසුවියක් ඇතුලු 10දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.


සිසු විරෝධතාවය විසුරුවා හැරීම සඳහා කොළඹ විහාරමහා දේවි උද්‍යානය තුලට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කඳුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරයි. 

මේ අනුව මෙම විරෝධතාවය පාලනය සඳහා මේ වන විට කඳුලු ගෑස් ප්‍රහාර 100කට වඩා එල්ල කර ඇත.


සයිටම් විරෝධී සිසු පාගමන හේතුවෙන් මේ වන විට 138 මාර්ගය හා 120 මාර්ග සම්පූර්ණයෙන් වසා දමා තිබේ.

මේ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටී.


සිසු විරෝධතා පාගමනක් හේතුවෙන් ලොටස් පාර වසා දමා ඇත.

මේ හේතුවෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇත.

මෙම පාගමන වැළැක්වීම සඳහා පෑලියගොඩ පොලීසිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ

_KSR5364 _KSR5388 _KSR5429 _KSR5432 _KSR5445 _KSR5449 _KSR5452 _KSR5465 _KSR5474 _KSR5501 _KSR5526 _KSR5528 _KSR5532 _KSR5544 _KSR5545 _KSR5549 _KSR5553 _KSR5556 _KSR5560 _KSR5561 _KSR5577 _KSR5586 _KSR5594 _KSR5602

DSC_3430 DSC_3431 DSC_3452 DSC_3477 DSC_3486 DSC_3489 DSC_3501 DSC_3533 DSC_3538 DSC_3544 DSC_3548 DSC_3570 DSC_3581 DSC_3587 DSC_3595 DSC_3598 DSC_3608 DSC_3623 DSC_3629 DSC_3632



Recommended Articles