ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු පාකිස්තාන් අග්‍රාමාත්‍ය නවාෂ් ෂරීෆ් මහතා අද (06දා) පෙරවරුවේ මහනුවර ට පැමිණි අතර මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා විසින් ඔහු පිළිගනු ලැබුවා.
මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට ශ්‍රී දළදා මාලිගාවට පැමිනි පාකිස්ථාන් අග්‍රමාත්‍ය වරයාව දියවඩන නිලමේවරයා විසින් පිළිගනු ලැබීමෙන් ඔහු විසින් ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගන්නාන ලදී. අනතුරුව එහි කෞතුකාගාරයටද ගිය අගැමැතිවරයා එයද නරඹනු ලැබුවා.
අනතුරුව පේරාදෙණිය උද්භිත උද්‍යානයට පැමිණි පාකිස්තාන් අග්‍රාමාත්‍යවරයා උද්භිත උද්‍යානයේ ජ්‍යාත්‍යන්තර නායකයන්ගේ සමරු ශාක සිටුවීමේ කලාපයේ පැළයක් රෝපණය කර සමරු පොතෙහි සටහනක් තබනු ලැබුවා.