ප්‍රධාන මාර්ගයේ දුම්රිය රියදුරන්ගේ වර්ජනයක් හේතුවෙන් අද (24දා) පෙරවරුවේ පටන් දුම්රිය කිහිපයක් ධාවනය නොවිය. ඒ හේතුවෙන් කාර්යාල සේවකයින් මෙන්ම වෙනත් මගීන් දැඩි අසීරුතාවයකට පත්විය.
ඊයේ (23දා) රාගම දුම්රිය ස්ථානයේදී දුම්රිය රියදුරෙකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විරෝධය දක්වා දුම්රිය රියදුරන් වැඩවර්ජනය ආරම්භ කර ඇති බව වාර්තාවෙයි.