පිතිකරණ අංශය දියුණු කිරීමට පියවර


ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් ක්‍රීඩාව නංවනු වස් පළමුපෙළ තරග ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ 24කට පන්දු යැවීමේ උපකරණ ලබාදීම අද (15දා) ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් ආයතනයේදී පැවැත්විණි.

මෙම එක් පන්දුයැවීමේ යන්ත්‍රයක මිල රුපියල් ලක්ෂ 07ක් වන අතර, එය මෙරටට ආනයනය කිරීමේදී රුපියල්ලක්ෂ 05ක් වැනි මුදලක් වැයකර පන්දු යැවීමේ උපකරණ 24ක් මෙරටට ගෙනැවිත් තිබේ. මෙම පන්දු යැවීමේ යන්ත්‍රයෙන් පැයට කිලෝමීටර් 160ක වේගධාරිතාවකින් පන්දුව යොමුකළ හැකි අතර, එය පළමුපෙළ ක්‍රීඩා සමාජ 24 සඳහා බෙදාදීමේදී එක් ක්‍රීඩා සමාජයකින් රුපියල් ලක්ෂ 02 ක මුදලක් අයකරන බව ක්‍රිකට් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මීට අමතරව ජාතික කණ්ඩායම සඳහා 'මර්ලින්' නම් විශේෂිත දඟපන්දු උපකරණ 02ක් මේවනවිටත් මෙරටට ආනයනය කිරීමට ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ.එහි එක් උපකරණයක මිල රුපියල් ලක්ෂ 17ක් වේ.

DSC_1925 DSC_1928 DSC_1933 DSC_1934 DSC_1936 DSC_1946 DSC_1962 DSC_1965 DSC_1967 DSC_1978 DSC_1984 DSC_1986 DSC_1992 DSC_1995

ඡායාරූප - ශමිර රාජපක්ෂ



Recommended Articles