නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් නොකඩවා ගල් අඟුරු කුඩු හා ගල් අඟුරු දුමාරය හේතුවෙන් ජනතාවට සිදුවෙන පාරිසරික හානිය කඩිනමින් නවතා දමන ලෙසත් ඒ සඳහා ගන්නා ක්‍රියා මාර්ග සෑම මසක් ඇතුළතම දන්වන ලෙසත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ නිළධාරින්ට දන්වා ඇත.
නොරෝච්චෝල ලක් විජය ඉදි කළ කාල වකවානුවේ සිටම ගල් අගුරු දුවිල්ල හා ගල් අඟුරු දැවිමෙන් ඉතිරි වන අළු වලින් ආසන්නයේ ගම්මාන ගණනාවක ජනතාවගේ ජන ජීවිතය අවුල් වී ඇති බවට නැගුනු චෝදනා සම්බන්ධව වයඹ පළාත් පරිසර අධිකාරිය කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැනිම හේතුවෙන් පිඩාවට පත්වූ ජනතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දිගින් දිගටම දන්වා තිබුණි.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් මේ සඳහා පරීකෂණ පැවැත්විමට පත්කර තිබුණි.
වසරකට ගල් අගුරු බලාගාරයේ විදුලි නිශ්පාදනය සදහා ගල් අඟුරු මෙට්ට්‍රික් ටොන් මිලියන දෙකක ප්‍රමාණයක් නැව් මගින් විදේශිය රටවලින් ආනයනය කරයි.
ගල් අඟුරුවල ප්‍රමිතිය අඩු මට්ටමක තිබීම නිසා දහනයෙන් පසුව ඉවත් කරන අළුවල කාබන් ප්රමානණ ඉහල මට්ටමක පවතින බව කියයි. මේ නිසා වසරකට ගල් අගුරු අළු මෙට්ට්‍රික් ටොන් 910 ක් බැහැර කරන බව නොරෝච්චෝල පාලනාධිකාරිය පවසයි .නමුත් මෙම අළු වලින් සුළු ප්‍රමාණයක් පමණක් ගොඩනැගිලි සඳහා අතුරු නිශ්පාදන සදහා ලබා දෙන නමුත් විශාල ප්‍රමාණයක් බලාගාර පරිශ්‍රයේ වෙනම ස්ථානයක ගබඩා කර තිබෙයි.
එසේ ගබඩා කර ඇති අළු මුහුද රළු වීමත් සමග මුහුදු සුළග සමග මුසු වෙමින් පරිසරයට විශාල ලෙස පැතිරි යයි .මේ ගැටලු හේතුවෙන් බලාගාරය පිහිටි ඉලන්තඩිය ඇතුළු ගම්මාන ගණනාවක ජන ජීවිතය සම්පුර්ණයෙන් අවුල් වී තිබේ.