නේපාල ජනපතිනිය පැමිණෙයි


එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ සමාප්ති උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවීමට නියමිත නේපාල ජනපතිනී බින්ද්‍යා දේවි භන්දාරී මහත්මිය අද (13දා) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියාය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් සාමාන්‍ය ගුවන් යානයකින් ඇය දිවයිනට පැමිණි අතර ඇයත් සමග 20 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.

මැයි 16 දා ඇය ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් නැවතත් නේපාලය බලා පිටත්වීමට නියමිත අතර හෙට (14දා) මහනුවර දළදා මැදුර අභියස පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් සමාප්ති උත්සවයට ඇය එක්වීමට නියමිතය.

unnamed

unnamed (2) unnamed (3) unnamed (4)

ඡායාරූප ප්‍රදීප් පතිරණ



Recommended Articles