ජලයෙන් යටවූ ප්‍රදේශවල නිවාස සහ ළිං ශුද්ධපවිත්ර කිරීම දැඩි වෙහෙසකාරී අපහසු කාර්යයක් බවට පත්ව තිබේ. ජනතාව විසින් තම නිවෙස් සහ ව්‍යාපාරික ස්ථාන ශුද්ධපවිත්ර කර ගැනීමට උත්සාහ කළද ඒ සඳහා අවශ්‍ය පිරිසුදු ජලය සොයාගැනීමේ දැඩි අපහසුතාවන්ට මුහුණදී සිටින බවද වාර්තා වේ. මීට අමතරව කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ කුණු කන්ද හරහා අපවිත්‍ර ගලාගෙන යාම දිගටම සිදුවන නිසා එම ප්‍රදේශවල නිවෙස් පවිත්‍ර කිරීමට විශාල පරිශ්‍රමයක් දැරීමට ජනතාවට සිදුව තිබේ.
ඡායාරූප AFP