ශ්‍රී ලංකාවේ වනාන්තර අතින් ජෛව විවිධත්වයෙන් අනූන වනාන්තරයක් ලෙස උඩවලව ජාතික වනෝද්‍යානය හැඳින්විය හැක. විශාලත්වය අතින් ශ්‍රී ලංකාවේ පස්වැනි ස්ථානය හිමි කරගන්නා මෙම වනාන්තරය ශ්‍රී ලංකාවේ සබරගමුව හා ඌව පළාත් මායිම් කරන ප්‍රධාන මායිමක් ලෙසද ක්‍රියාකරයි. එමෙන්ම මෙය ශ්‍රී ලංකාවේ තෙත් හා වියළි කලාප මායිම් කරන ප්‍රධාන වනාන්තරයක් ලෙසද ක්‍රියා කරයි. හෙක්ටයාර 30,821 ක භූමි ප්‍රමාණයකින් යුක්ත වන මෙම වනාන්තය ශාක විවිධත්වය දෙස බැලූ විට උස ශාක මෙන්ම කටු පඳුරු හා තෘණ භූමිද දක්නට ලැබේ.
මෙහිදී දක්නට ලැබෙන සත්ත්ව විශේෂ අතරින් ක්ෂීරපායින් වන අලියා, වල් ඌරා, දිවියා, අඳුන් දිවියා, තිත් මුවා, මී ගවයා වැනි සතුන්ද උරගයන් අතරින් කිඹුලන් හා සර්පයන්ද මෙහි බහුලව දක්නට ලැබේ. එමෙන්ම විවෘත වැව් පිටි බහුලව ඇති බැවින් කුරුල්ලන් සඳහාද මෙය තෝතැන්නක් වේ.
ශ්‍රී ලංකාවේ වනාන්තර සංචාර (Safari) සඳහා බහුලව යොදාගැනෙන ආරක්ෂාකරී වනාන්තරයක් ලෙසින්ද උඩවලව හැඳින්විය හැක. 1972 වර්ෂයේදී වනෝද්‍යානයක් ලෙසින් ආරම්භ කළද මෙය සංචාරකයන් සඳහා විවෘත වන්නේ 1994 වර්ෂයේ සිටය. සංචාරයට සුදුසු දේශගුණයත්, පුළුල්ව විහිදී ගිය ජෛව විවිධත්වයත් හේතුවෙන් එදා මෙදාතුර දේශීය විදේශීය සංචාරකයන් බහුලව ඇදී එන ශ්‍රී ලංකාවේ තවත් ස්ථානයක් ලෙස උඩවලව හැඳින්විය හැක.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු