කපිල් දේව් කියන්නේ ඉන්දියාව පමණක් නොවෙයි මුළු ආසියාවම ලෝකයට ගෙන ගිය විශිෂ්ට ක්රීඩකයෙක්. අද ප්රවීණයෙකු ලෙස ඉන්දීය ක්රිකට් ක්රීඩාවට දායකත්වය ලබා දෙන කපිල්, පෙරේදා (ඔක් 31දා) පැවත්වුණු ඩයලොග් ක්රිකට් සම්මාන උළෙලේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වුණා. ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් කළ නීල් පෙරේරා මහතා තමන්ට හිමි උපහාර සම්මානය ගැනීමට අසීරුවෙන් වේදිකාවට ගොඩ වෙද්දී සම්මානය ප්රදානය කරන්නට නියමිතව සිටි කපිල් දේව් ඉදිරියට ගොස් නීල් පෙරේරා මහතාට අත්වැල සැපයූවා. ඉන්දියානු කණ්ඩායමේ නායකයා ලෙස එදා ලංකාවට එද්දී සමහරු කපිල් ආඩම්බරකාරයෙක් ලෙස හැඳින්වූවත් කපිල් දේව් නම් ප්රවීණයා කොතරම් නිරහංකාරදැයි සියලු දෙනා තේරුම් ගත්තේ මේ අවස්ථාවේ දීයි.
නිරහංකාර ප්රවීණයා
Recommended Articles