නියඟයෙන් පීඩා විඳින පිරිසට පකිස්ථානයෙන් උපකාර


ශ්‍රී ලංකාවට බලපා තිබෙන නියං තත්වය හේතුවෙන් එයින් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැළසීම සඳහා පකිස්ථාන රජය විසින් සහල මෙට්‍රික් ටොන් දසදහසක් ලබාදීමේ සමාරම්භක අද (07දා) පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

මෙහිදී එම අවස්ථාව සංකේතවත් කරමින් පාකිස්ථාන මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් සෙයිද් ශකීල් හුසේන් මහතා අතින් ජනාධිපතිතුමා වෙත සහල් පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේදී සිදුවූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඒ අනුව මුල් පියවර වශයෙන් සහල් මෙට්‍රික් ටොන් හත්දහස් අටසියයක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට කටයුතු කරන බව ජනපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම අවස්ථාව සඳහා පකිස්ථාන නියෝජ්‍ය මහකොමසාරිස්වරයා ද එක්විය.

1 2



Recommended Articles