නියඟයෙන් පිපාසිත වන සත්තු වන මැද මියයති


වසර 30කින් පසු පවතින දරුණු නියඟයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව මෙන්ම වන සතුන්ද දරුණු ලෙස පීඩාවන්ට පත්ව ඇති ආකාරය අප කළ සංචාරයේදී දැකගත හැකිවිය.

පවතින දරුණු නියඟයෙන් වන සතුන් පිපාසිතව තබ්බෝව අභය භූමිය ආශ්‍රිතව මරණයට පත්ව ඇති ආකාරය දැකගත හැකිවිය.

තබ්බෝව අභයභූමිය ආශ්‍රිතව ඇති මීගස් වැව තුළ හා ඒ ආසන්නයේ ජලය නොමැතිව පිපාසිතව සැරිසරමින් සිටි රිලවුන්, තාරකා ඉබ්බන්, කිරි ඉබ්බන්,  කුරුල්ලන්, මුවන් හා ගොනුන් මරණයට පත්ව ඇතැයි ජනතාව පවසති.

එසේ මරණයට පත්වන සතුන්ගේ සිරුරු ගස් උඩත්, සමහර සතුන්ගේ ඇට සැකිලි වැව් හා වනය තුළද දැකගත හැකිවිය.

DSC08631 copy DSC08636 copy DSC08640 copy DSC08643 copy DSC08646 copy DSC08661 copy DSC08675 copy DSC08678 copy



Recommended Articles