නාලක ගොඩහේවා රිමාන්ඩ්


සුරැකුම්පත් හා විනිමය කොමිසමේ  සිදු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගත් එහි හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා එළැඹෙන 14 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළ බව පොලිස් මූලස්ථානය කියයි.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙකු වන ධම්මික මංජිර පෙරේරා සහ  වෙනත් සංවිධානයක අධ්‍යක්‍ෂකවරයෙකු වන රොනි ඒබ‍්‍රහිම් යන අයද නැවත් 14 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවත් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඡායාරූපය ළහිරු හර්ෂන

 

 



Recommended Articles