ඒ කාලේ රගර් කණ්ඩායමේ ප්රධාන ක්රීඩකයෙකු වන නාමල් මන්ත්රීවරයා මේ දවස්වල ආධාර සපයන අතිරේක ක්රීඩකයෙක් වෙලා කණ්ඩායමෙන් එළියේ ඉන්නේ. අවුරුදු දෙකක් තිස්සේ ආණ්ඩුව කියන කණ්ඩායමට එන්න බැරිව ආණ්ඩුවේ අය 'පැනල්ටි' ගහන දිහා හොඳට බලා ඉන්න නාමල් මන්ත්රීවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම, මේ අවුරුද්දේ ආණ්ඩුවේ කණ්ඩායම වෙන්නයි හිතාගෙන ඉන්නේ. නාමල් මන්ත්රීවරයාගේ කණ්ඩායම ආණ්ඩුවට එයිද? ආණ්ඩුවක් පිහිටුවයිද? නැත්නම් වැරැද්දක් කරලා ආණ්ඩුවට තවත් 'පැනල්ටි' පහරක් ලබාදීලා ආණ්ඩුවේ ලකුණු තවත් වැඩි කරයිද කියලා පුංචි ඡන්දෙන් පස්සේ තමයි දැනගන්න වෙන්නේ.
සී.එච්. සහ එෆ්.සී කණ්ඩායම හා නාවික කණ්ඩායම අතර පෙරේදා (30දා) පැවැති රගර් තරගයේදී නාමල් රාජපක්ෂ ආධාර සපයන අතිරේක ක්රීඩකයෙකු ලෙස මෙසේ කටයුතු කරනු දැකගත හැකිවුණා.
ඡායාරූප - ඕෂිත වරකපිටිය