නාමල් රිමාන්ඩ්


(UPDATE)

17.00 PM

මූල්‍ය වංචා දෙකක් සම්බන්ධයෙන් පවතින නඩු විභාග දෙකකට අදාළව අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ලබන 22 තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට අධිකරණය නියෝග කළේය.

ඡායාරූප - ශමීර රාජපක්ෂ

DSC_7133 DSC_7140 DSC_7159 DSC_7162 DSC_7166 DSC_7180 DSC_7192 DSC_7202 DSC_7248 DSC_7255


16.00 PM

පොලිස් මූල්‍ය අධිකරණය විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය. මූල්‍ය වංචා දෙකක් සම්බන්ධයෙන් පවතින නඩු විභාග දෙකකට අදාළව කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ ඒකකය අද (15දා) කටයුතු කළේය.

ඡායාරූප - ක්‍රිශාන් රණසිංහ

_KSR5346_KSR5348_KSR5351_KSR5353_KSR5354_KSR5358


13.20 PM 

ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එම ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙලෝ කෝප් සමාගමට අදාළ කොටස් රුපියල් මිලියන 125ක් වැය කරමින් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙසේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

_KSR5289 _KSR5298 _KSR5300 _KSR5318 _KSR5324 _KSR5342


 


12.14 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වන තෙක් අත්අඩංගුවට නොගත් බව ඔහුගේ නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත මහතා පැවැසීය. කෙසේ වෙතත් මන්ත්‍රීවරයා තවමත් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය අතුළේ ප්‍රකාශ දෙමින් සිටින බවත් ඔහු පැවැසීය.

මේ වන විට ඇතැම් මාධ්‍ය මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇතැයි තොරතුරු වාර්තා කරන බවත් එවැනි අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් නීතියේ ආධිපත්‍යයට බලපෑම් ඇති වෙන බවත් ඔහු කීවේය.

 

 


Recommended Articles