නාමල් සතියක් බන්ධනාගාරයට


(UPDATE) 16.33 PM

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එළැඹෙන 18 දා තෙක් බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

DSC_4058 DSC_4071 DSC_4085 DSC_4112 DSC_4113 DSC_4115 DSC_4116 DSC_4117 DSC_4118 DSC_4119 DSC_4120


15.45 PM - අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කොටුව මහේස්‍රාත් උසාවියට ඉදිරි පත්කරනු ලැබීය.


ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවා තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවෙයි.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද මූල්‍ය අපරාධ ඒකකයට කැඳවා තිබුණි. ඔහු තවමත් මූල්‍ය අපරාධ ඒකකය ඇතුළේ රැඳී සිටියි. ඔහුත් සමග පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව එයින් පිටව ගියේය.

හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර් වෙල්ගම මහතාද අද මූල්‍ය අපරාධ ඒකකයෙන් පිටව ගියේය.  

නාමල් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණි අවස්ථාව

ඒශාන් ප්‍රනාන්දු/ඉන්දික හේවාවිතාරණ/චාමර සම්පත්

 

 



Recommended Articles