ඔනෙලාට ඇප


image_1507602935-1ec6dd8aba(Update) පොලිස් මූල්‍ය අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණයට ඉදරිපත් කළ ඔනෙලා ඉරේෂාද සිල්වාට කොළඹ මහාධිකරණය මගින් ඇප හිමිවිය.

නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින නඩුවක සැකකාරියක් වන ඔනෙලා කටුනායක ගුවන් තොටුපොළේදී අද (10දා) අත්අඩංගුවට පත්විය.


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින නඩුවක සැකකාරියක වන ඔනෙලා ඉරේෂා ද සිල්වා නැමැති කාන්තාව ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී අද (10දා) අලුයම් අත්අඩංගුවට ගෙන තිබේ.

ලංකාවේ ඉල්ලිමක් අනුව ඇය අබුඩාබියේ සිට ශ්‍රී ලංකාවට පිටත් කර ඇති අතර ආගමන විගමන නිලධාරීන් ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම ඇයව අත්අඩංගුවට ගැනීම 2015 වසරේ දී වරෙන්න්තු නිකුත් කර තිබේ.

මෙම අත් අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් , මූල්‍ය අපරාධ කොට්ඨාස දෙපාර්තමේන්තු  (F.C.I.D) නිලධාරීන් මෙන්ම ජාත්‍යන්තර පොලිසියේ (Interpol) නිලධාරීන් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි පැවසෙන "ගවර්ස්" නැමති සමාගමේ අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කිරීමේ දී සිදු වී ඇතැයි පැවසෙන මූල්‍ය වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියේය.

ඡායාරූප ශමීර රාජපක්ෂ/ප්‍ර්‍රසාද් මුතුකුඩ

DSC_6564 DSC_6581

__ (1) copy

 

 

 



Recommended Articles