නාච්චාදූව වැවෙන් කහ ආඳෙක්


අනුරාධපුර, නාච්චාදූව වැවෙහි ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයෙකුට ඊයේ (03දා) පස්වරුවේ රන්වන් පැහැයට හුරු කහ පැහැයෙන් යුතු ආඳෙකු හසු වී ඇත.
නාච්චාදූව වැවෙහි බිලී පිති ආශ්‍රයෙන් මසුන් දඩයම් කරන එස්.එම්. ෆාරුක් මහතාට මෙම ආඳා හසුවී ඇති අතර, මෙම සත්වයා සම්පූර්ණයෙන්ම බිලී කටුව නොගිලීම හේතුවෙන් මරණයට පත්ව නොමැත.

ආඳන් සාමාන්‍යයෙන් බෝ වන්නේ ලවණ සහිත ජලයේ වන නමුත් ඔවුන් වර්ධනය වන්නේ මිරිදිය ජලයේය. කලපු ආශ්‍රිතව බිත්තර දමන ආඳන් ජල මාර්ග දිගේ හෝ ජල ගැලීම් ආදියට හසුව මිරිදියට පැමිණෙන අතර, එසේ පැමිණීමේදී වන හානි නිසාවෙන් ආඳන් දුලබ වී ඇත. 

මෙම ආඳා අඩි දෙකහමාරක් පමණ දිග රන්වන් පැහැයට හුරු කහ පැහැති මාළුවෙකි. මෙම සත්ත්වයා නිරීක්ෂණය කිරීම සඳහා ජලජීවී ව්‍යාපෘති නිලධාරී එච්.ජී.සී. මධුසංක, පො.කො. නිෂාන් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.



Recommended Articles