ශ්‍රී ලංකාවේ 34 වැනි පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. ඔහුගේ නම ව්‍යවස්ථාදයක කවුන්සිලය විසින් පසුගියදා ජනපතිවරයාට නිර්දේශ කළේය. නව පොලිස්පතිවරයා පත්වීමට අදාළ ලිපිය ජනපතිවරයා විසින් පූජිත් ජයසුන්දර මහතාට ජනපති ලේකම් කාර්යාලයේදී අද (20දා) බාරදුන් බව ජනපති කාර්යාලය නිවේදනය කරයි. පත්වීම ලැබීමෙන් පසුව පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයේදී අද (20දාම) වැඩ බාරගත්තේය.