(VIDEO) ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා උතුරේ නල්ලූර් කෝවිල වැඳ පුදාගත් පමණින් ජාතීන් අතර සමගිය ගොඩනැගිය නොහැකි බවත්, සමගිය ගොඩනැඟීම සඳහා ජාතීන් අතර ප්‍රශ්න විසඳිය යුතු බවත් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය ප්‍රකාශ කරයි.
එහි කමිටු සමාජික, නජිත් ඉන්දික මහතා පෙන්වා දෙන්නේ යුද්ධයෙන් පසු ඉතිරි වූ එල්.ටී.ටී.ඊ. නායකයන් දේශපාලන කටයුතු සිදු කරමින් රට තුළ සැපවත් ජීවිත ගත කරන්නේනම්, සෙසු පුද්ගලයන්ට සාමාන්‍ය පරිදි ජීවත් විය නොහැක්කේ ඇයිද යන්නයි.
දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු බවට වූ උද්ඝෝෂණයක් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් කොළඹ, අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදී ඊයේ (23දා) පවත්වන ලද අතර එහිදී ඔහු මේ බව පැවසීය.
මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඒ මහතා,
"මෛත්‍රිපාලලා, රනිල් වික්‍රමසිංහලා උතුරට ගිහිල්ලා කමිස ගලවගෙන නල්ලූර් අස්සට රිංගුවට රටේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ. ජාතීන් අතර සමගිය ගොඩනැගෙන්නෙත් නෑ. ඒකට ජාතීන් අතර ප්‍රශ්න විසඳන්න ඕනා. මේ වෙලාවේ යුද්ධයේ නාමයෙන් කප් එක වගේ තියාගෙන ඉන්නවා දේශපාලන සිරකරුවෝ 130ක් විතර. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගෙන් ඉතිරි වුණ නායකයෝ දේශපාලනය කරගෙනබොහොම හොඳට ඉන්නවා.
නායකයන්ට එහෙම ඉන්න පුළුවන්නම් ඇයි මේ වාටියේ හිටපු අයට ඉන්න බැරි? අපි අහනවා මෙහෙම උපවාස කරලා හෙට මැරෙන කම්ද බලන් ඉන්නේ? ඊටපස්සේ උතුරේ මිනිස්සුන්ට දෙන පිළිතුර මොකක්ද? දේශපාලන සිරකරුවන් නිදහස් කරනතුරු අපි මේ අරගලයේ ඉන්නවා, යැයිද අවධාරණය කර සිටියේය.
මෙහිදී යුද හමුදාව භාවිතයට ගන්නා කැමා ටී. ෂර්ටයකින් පුද්ගලයෙකු සැරසී සිටීම සම්බන්ධයෙන් පොලීසිය එයට විරෝධය දැක්වීමත් සමග විරෝධතා කරුවන් අතර උණුසුම් තත්ත්වයක්ද ඇතිවිය. එය කළාවක් බව විරෝධතාකරුවෝ මෙහිදි ප්‍රකාශ කළහ.
ඡායාරූප/වීඩියෝ ඒෂාන් ප්‍රනාන්දු