අධිකරණය ඉදිරිපිට මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට අදාළව වරාය ඇමති අර්ජුණ රණතුංග මහතාගේ සහෝදරයා වන වරාය අධිකාරියේ සභාපති දැඩි ලෙස අවවාද කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (24දා) ඇප නියම කළේය.
"තමුන්ට ඔය තනතුර දීලා තියෙන්නේ තමුන්ගේ ඇමති සහෝදරයා. තමුන් ඒ තනතුර අරගෙන ඇමතිවරයාගේ ගෞරවය ආරක්ෂා කරගන්න තමුන් දැනගන්න ඕන. තමුන් අධිකරණයක් ඉදිරිපිට මාධ්‍යවේදීන්ට මෙහෙම කළානම් වරාය අධිකාරියේ හැසිරෙන හැටි අධිකරණයට හිතා ගන්න පුළුවන්"
යැයි මහේස්ත්‍රාත්වරයා පැවැසීය. නඩුව නැවතත් 7/28දා කැඳවීමට නියමිතය. ධම්මික රණතුංග මහතාගේ ජංගම දුරකතය පොලීසිය භාරයට ගෙන එහි ඇති තොරතුරු ලබාගන්නැයි මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.