දේශීය නිෂ්පාදන වැඩපිළිවෙල සැප්තැම්බරයේ


ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දේශීය නිෂ්පාදන ජාතික වැඩ පිළිවෙල ලබන සැප්තැම්බර් මස සිට ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 
 
25දා පස්වරුවේ පොලොන්නරුව අරලගන්විල කන්දේගම ධනංජය රාජ මහා විහාරස්ථානයේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනපතිවරයා මේ බව පැවැසීය. 
 
ජනාධිපතිවරයා මෙහිදී තවදුරටත් ප්‍රකාශ කර සිටියේ මැතිවරණයෙන් පසුව බලයට පත් වන රජයත් සමග තමන් මෙම වැඩ පිළිවෙල ශක්තිමත් කරන බවය.
 


Recommended Articles