මේ දවස්වල ලංකාවේ දේශපාලන සුළිසුළං තිබෙන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (02දා) පෙරවරුවේදී පොළොන්නරුවේදී පැවසීය.
‘පිබිදෙමු පොලොන්නරුව’ ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුවේ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ චන්දන පොකුණ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනපතිවරයා මේ බව පැවැසුවේය.
“සාමාන්‍යයෙන් මේ දවස්වල දේශපාලන සුළි සුළං තිබෙනවා. රූපවාහිනිය දිහා බලාගෙන හිටපුවහම රටේ මොකුත් නෑ වගේ තේරෙන්නේ. ඒ ඔක්කොම කුණු තියෙන්නේ කොළඹ තමයි.කොළඹ නගරයේ තිබෙන කුණුයි දේශපාලන කුණුයි.
රටටම හවසට රූපවාහිනියෙන් පෙනෙනවා. නමුත් මේ වගේ ගම්මානවලට ඇවිදින් වැවක් අයිනේ ඉඳගෙන, කුඹුරක වැඩක් පලක් කරගෙන, තියෙන වැඩටික කරපුවහම ඒ කුණු කිසි දෙයක් නෑ, අපිට අවශ්‍ය මිනිසුන්ට යහපත් ජීවන තත්ත්වයක් ඇති කරන්න” යනුවෙනි.