දෙහිවල සත්වෝද්‍යානයට සීබ්‍රා පැටවෙක් හා සිංහ පැටවු තිදෙනෙක් එක්වෙති


දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සීබ්‍රා යුවළකට දාව පසුගියදා සීබ්‍රා පැටවකු ඉපිද ඇතැයි සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය.

සීබ්‍රා පැටවුන් ඉපිද තත්ත්පර ගණනකින් සිටගෙන ඇවිදීමට උත්සාහ කරනු ලබන අතර ඒ අනුව මෙම පැටවාද සිය මව සමග ඇවිදිමින් කිරි උරා බොමින් හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද ඒ මහත්මිය පවසා සිටියාය.

මේ අතර 2013 සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ කොරියාවේ සෝල් සත්ව උද්‍යානයෙන් ගෙන එනු ලැබු සිංහ දේනුවකට හා ජර්මනියේ හාකත්බර්ග් සත්ව උද්‍යානයෙන් ගෙන එනු ලැබූ සිංහයෙකුටත් දාව දෙහිවල ජාතික සත්නෝද්‍යානයේදි සිංහ පැටවුන් තිදෙනෙකු පසුගිය 22දාඉපිද ඇතැයි ද ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය.

මීට පෙර ඉපදුන පැටවුන් තිදෙනෙකු වෙනුවෙන් සිංහ දේනුව පැටවුන්ට මව්කිරි ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා පැටවුන් මියගිය බවත්, එහෙත් මෙවර පැටවුන් සඳහා එම සිංහ දේනුව තමාගේ කිරි ලබා දෙමින් ඉතා ආදරයෙන් රැකබලා ගනිමින් සිටින බවද ඇය වැඩිදුරටත් පවසා සිටියාය.

DSC_0059 copy DSC_8057 copy DSC_8063 copy

දෙහිවල එච්.එම්. ජයවර්ධන



Recommended Articles