දෙල්ලව වැසිවනාන්තරයත් විනාශයි


නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගිං ගඟෙහි අතු ගංගාවක් වන ආඳා දොළෙහි පෞද්ගලික කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමට කටයුතු කරමින් සිටන බව වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය කියයි.මෙහි හරස් බැම්ම හා කොන්ක්‍රීට් අනුමගෙහි කිලෝමීටර 2.5 ක විශාල කොටසක් පාරිසරකව සිංහරාජ වනාන්තර සංකීර්ණයට අයත් දෙල්ලව වැසිවනාන්තරය තුළ ඉදිකෙරෙමින් පවතින බවද ඔවුහු පවසති.

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ පරිසරයට බලවත් හානියක් සිදුවී ඇති බවත් බැම්ම නිසා ආඳා දොළෙහි කිලෝමීටර් 6.5 ක දිගැති ප්‍රමාණයක් සම්පූර්ණයෙන් සිඳී යාමට නියමිත බවත් ඔවුහු පෙන්වා දෙති.

ආඳා දොළෙහි වෙසෙන ශ්‍රීලංකාවට ආවේණික පතිරණ සාලයා (Devariopathirana) හාමල්පුලුට්ටා (Malpuluttakretseri) වැනි ඉතා දුර්ලභ මත්ස්‍ය විශේෂයන් ප්‍රදේශයෙන් සදහටම වඳවී යාමේ තර්ජනයට මුහුණ පා තිබේ.

විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතුවලදී රක්ෂිත ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ආවේණික ඉතා දුර්ලභ හොර (Dipterocarpuszeylanicus), තිනිය දුන්  (Shoreatrapezifolia),  යකහලු  (Shoreadyeri) වැනි වටිනා දැවැන්ත වැසිවනාන්තර ශාක රැසක් කපා ඉවත් කර තිබෙන බවද එම සංවිධානය පෙන්වා දෙයි.



Recommended Articles