සුපිරිසුදු දේශපාලඥයන් මෙවර පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීම සඳහා ක්‍රියාකළ ඡන්ද දායකයන්ට ප්‍රණාමය පුදකිරීමට මාතර නගරයේ විශ්‍රාමික වෛද්‍යවරයෙකු වූ සරත් විමලසූරිය මහතා අද (20දා) මාතර, ගොඩගම අධිවේගී පිවිසුම අසළදී වෙනස් ආකාරයකින් ස්තූතිය පුදකළේය. උණ ලීයක සවිකළ ආධාරකයක් ආධාරයෙන් ඔහු මෙසේ සිටියේය. ප්‍රසිද්ධ පී.කේ. චිත්‍රපටයේදී මෙවැනි ආකාරයක දර්ශනයක් තිබුණි. උණ ලීයට යකඩ ආධාරයක් සවිකර තිබේ. එම ආධාරය දකුණු අත හරහා කමිසයට අභ්‍යන්තරයෙන් රැගෙන ගොස් තිබේ. ඔහු මීට ඉතදීත් ඔහු 16 වැනිදා මේ ආකාරයෙන් සිටීමට උත්සාහ කළ අතර එහිදී අසාර්ථක විය. එහෙත් අද සාර්ථක විය.