වවුල් විශේෂ අතර දුර්ලභව දක්නට ලැබෙන තැඹිලි වර්ණයෙන් යුතු ශරීරයක් හිමි වවුල් විශේෂයකට අයත් වවුලන් යුවළක් අනුරාධපුර ගල්කඩවල ප්රදේශයේ පිහිටි නිවසක ගෙවත්තේ සිටියදී ඩී.එම්. ජනිත් තාරක තරුණයාට හමුවී තිබේ.
මෙම වවුලන්ගේ ශරීරය මුළුමනින්ම තද තැඹිලි පැහැයෙන් යුක්ත වන අතර, පියාපත් ඉතා අලංකාර ලෙස කළු හා තැඹිලි වර්ණයෙන් වර්ණ ගැන්වී තිබේ. තරුණයා නිවස පිහිටි ගෙවත්තේ කෙසෙල් ගස්වල පඩරැල් කපා ඉවත්කරමින් සිටියදී වවුලන් යුවළ ඔහුට හමුවී තිබේ.
මෙම වවුලන් ශ්රී ලංකාවේ ඉතා කලාතුරකින් දැකිය හැකි අතර, ලංකාවේ ජීවත්වන වවුලන් දසදසකට පමණ එකෙකු හෝ දෙන්නෙකු ලෙස දැකිය හැකි බව සතුන් පිළිබඳව පර්යේෂණ සිදුකරන පර්යේෂකයෝ පවසති.