රාත්‍රී කාලයේ පිපී සුගන්ධය පතුරවා රාත්‍රියේම පරවීයන සුගන්ධවත් පුෂ්පයක් හා දුර්ලභව දැකිය හැකි බවට හැඳින්වෙන කඩුපුල් මල් විශාල ප්‍රමාණයක් උඳුවප් පොහොය යෙදී තිබූ ඊයේ (13දා) රාත්‍රියේ අනුරාධපුර මහ මෙව්නා ධම්මචේතිය භාවනා අසපුවේ පිහිටි බුද්ධ මන්දිරය ආසන්නයේම පිපී තිබෙන අයුරු දැකගත හැකිවිය.
මේ වසරේ අවසන් පොහාය දිනය ගෙවීයාමට මත්තෙන් පිපුණු දුර්ලභ කඩුපුල් මල් දැකබලා ගැනීමට ආගමික කටයුතු සඳහා එහි පැමිණි සැදැහැවත්හු විශාල පිරිසක් එක්වූහ.
ධම්මචේතිය භාවනා අසපුව භාරව කටයුතු කරන නායක හිමිපාණන්ගේ අනුශාසනාව පරිදි එහි වැඩ සිටින සෙසු ස්වාමින් වහන්සේලා විසින් එම මල් නෙළාගැනීමෙන් අනතුරුව මහමෙව්නා පිංබිමේ පිහිටි ස්වර්ණමාලී සෑරදුන්ට රාත්‍රියේම පූජා කරන ලදහ.