දුප්පත්කම නැති කිරීම ප්‍රමුඛ අපේක්ෂාවයි


ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා රටේ දුප්පත්කම නැති කිරීම 2016 වසරේ රජයේ ප්‍රමුඛ අපේක්ෂාව බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ඒ සඳහා දැනට තිබෙන යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට රජය අවධානය යොමු කර ඇතැයිද ජනපතිවරයා සඳහන් කළේය.

%රටම එළයයි අඳුර දුරලයි^ විදුලි සත්කාර ව්‍යාපෘතිය යටතේ ඊයේ (12දා) ඇල්ලේවැව ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ලෝකයේ සියලු රටවල් ශ්‍රී ලංකාව සමග මිත්‍රත්වයෙන් කටයුතු කිරිමට කැමැත්ත පළකර ඇති බැවින් රට සංවර්ධන කිරීමට තිබූ සියලු බාධා ඉවත්ව ගොස් ඇතැයිද ජනපතිවරයා සඳහන් කළේය.



Recommended Articles