මසන්නාගේ මල්කාන්තිට වයස අවුරුදු 19කි. ඇය 20 හැවිරිදි සුනිල්ගේ විමුක්ති අරවින්ද කුමාර සමග පසුගියදා විවාහයට පත්වූයේ තෙළිගු සම්ප්‍රදායක චාරිත්‍රවලට අනුවය. තෙළිඟු භාෂාවෙන් විවාහය යනු ‘ පෙන්ලි සේස්තාව්’ නම් වෙයි.
විවාහයෙන් පසුව පැල්කොටයට පැමිණි මනමාල යුවළට මනමාලියගේ පියා විසින් දෑවැද්ද ලෙස දෙන්නේ හරකාබාන නොව නයෙක්, නයි පෙට්ටියක් හා වඳුරෙකි. ඒ ඔවුන්ගේ ජීවිකාව ආරම්භ කිරීමට මගපාදා දීමක් බව ගමෙහි පදිංචි එම් . තිම්මන්නා පවසයි.
නයි නලාව වයමින් හා රඹන් ගසමින් අත්පුඩියෙන් හා නැටුමෙන්ද මෙම විවාහ උත්සවය අලංකාරවත්ය. මෙහිදී ගමේ හැමෝම මඟුල් අසිරිය විඳිමින් සතුටුවන අයුරු දක්නට ලැබේ.