දළ පූට්ටුවාට අබාධයක් - ප්‍රතිකාර ඇරඹෙයි


ගල්ගමුවේ දළ පූට්ටුවානමින් ප්‍රසිද්ධියට පත් ඇතාගේ පාදයක ඇති වී තිබෙන ආබාධයක් සඳහා වනජීවී නිලධාරීන් විසින්  ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇත.

ඉතා දිගු එකට එකතු වූ දළ යුගලකට හිමිකම් කියන ගල්ගමුවේ දළ පූට්ටුවා නම් ඇත් රාජයාට ගල්කිරියාගම වනජීවි නිලධාරීන් විසින් සියඹලංගමුව වැව් පිටියේදී මෙලෙස ප්‍රතිකාර සිදු කෙරේ.

වයස අවුරුදු 50ක් පමණ වන මෙම ඇතාගේ ඇස් පෙනීමද දුර්වල මට්ටමක පවතී.

ගල්කිරියාගම වනජීවී පශු වෛද්‍ය ඒකකය ඇතුළු නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරමින් සිදුකරන මෙම ප්‍රතිකාර සඳහා මෙම ඇතා මෙල්ල කරගැනීමට පසුගියදා (08දා) සිට කටයුතු ආරම්භ කර ඇත.

dala-puttuwa dala-puttuwa-2 dala-puttuwa-3 dala-puttuwa-4 main



Recommended Articles