එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්රේමදාංස මහතා සිය ෆේස්බුක් ගිණුමට අපූරු ඡායාරූපයක් එක්කර තිබුණා.
ඒ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර, එජාප මන්ත්‍රී මයන්ත දිසානායක මහතා හා එක්ව ගත් ඡායාරූපයකි.
එක්සත් ජාතික පක්ෂය හැරදා දයාසිර ජයසේකර මහතා මීට වසර කිහිපයකට පෙර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එක්වුණා.
එදා පාර්ලිමේන්තුවෙන් ඉවත්ව වයඹ මහ ඇමතිවූ දයාසිරි ජයසේකර මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කර නැවතත් පාර්ලිමේන්තුවට පැමිණියා.
පසුව ජාතික ආණ්ඩුවට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා බවටත් පත්වුණා.
සජිත් ප්‍රේමදාස මහතාද ජාතික ආණ්ඩුවේ ඇමතිවරයෙකි. දැන් සියල්ලන්ම එක්ව සිටිති.
දේශපාලනයේදි සතුරන් මෙන්ම මිතුරන්ද නැති බවට ප්‍රකාශයක් තිබේ.
මෙයින් එය වඩාත් හොඳින් පැහැදිලි වෙයි.
ඡායාරූපය උපුටා ගැනීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ෆේස්බුක් ගිණුමෙනි
එම ඡායාරූපයට දැක්වූ අදහස් කිහිපයක්