දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සේවකයෝ පිරිසක් අද (7දා) ක්‍රීඩාංගණයේ වහලය මත නැගී උපවාසයක් ආරම්භ කර තිබේ.
එම ක්‍රීඩාංගණය ආරම්භයේ සිටම කොන්ත්‍රාත් පදනම මත සේවය කළ කම්කරුවෝ 11 දෙනෙක් මෙසේ උපවාසයක් ආරම්භ කර සිටිති
තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයන් ලෙස පත් කරන ලෙසත් තමන්ට නිසි විසඳුමක් ලැබෙන තුරු උපවාසය අත්නොහරින බවද ඔවුහු පවසා සිටිති.
මේ සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙස ඉහළින් දැනුම්දී තිබෙන බව ආරක්ෂක නිලධාරීහු දැනුම් දුන්හ. ඒ අනුව ක්‍රීඩාංගණය පිටත සිට සිද්ධිය වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට සිදු විය.